අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු රාත්‍රි 9.30 වනවිට සොයාගත් බව පොලිසිය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධ්කාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ එම වැඩිහිටි නිවාසයේ ගින්නට හසු වී සිටි පුද්ගලයන් 51 දෙනෙකු මුදාගෙන ඇති බවයි.

ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අදාළ වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ පස්වරු 5.25 ට පමණයි.

වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීම් භටයින්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා රාත්‍රි 9ට පමණ මුළුමනින්ම එම ගින්න මැඩපවත්වා තිබෙනවා.

එම වැඩිහිටි නිවාසයේ හටගත් ගින්න සම්බන්ධයෙන් හොරණ සහ අගුරුවාතොට පොලිස් ස්ථානවල කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.