වයස අවුරුදු 05 ක් වන පෙර පාසල් යන දැරිවියකට ලිංගික අතවර කළ බව කියන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මාදම්පේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, කරුකුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම දැරිය  බිස්කට් මිලදී ගැනීම සදහා සැකකරු විසින් පවත්වා ගෙන යන ව්‍යාපාරීක ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී දැරිවියව තම වෙළද සැළ ඇතුළට ගෙන ඇති සැකකරු මුලින්ම ඇයව සිප වැළද ගෙන පසුව අතවර කර ඇති බව ඇයගේ මව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන්.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.