ගාසාහි තල් අල්-හවා ප්‍රදේශයේ පිහිටි යුද හානි සිදු වූ මහල් හයක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර ළමුන් අට දෙනෙකු ද වන බවයි මුදාගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍යවරුන් පවසන්නේ.
මීට වසරකට පෙර එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු මෙම ගොඩනැගිල්ල එක් පසෙකට ඇලවී අනතුරුදායක තත්ත්වයක පැවති බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.
එමෙන්ම වෙනත් නවාතැනක් නොමැතිව අසරණ වූ අවතැන් පවුල් එහි පදිංචිව සිටි බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
බුල්ඩෝසර් හෝ බර යන්ත්‍රසූත්‍ර නොමැතිවීම නිසා සිවිල් ආරක්ෂක බලකායේ මුදාගැනීමේ කණ්ඩායම්වලට මුලින්ම සුන්බුන් ඉවත් කිරීමට සිදු වූයේ අතින් බව ද වාර්තා වුණා.
තුවාල ලැබූ පුද්ගලයින් 45 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කළ බවයි එරට බලධාරීන් පවසන්නේ.
ඔවුන්ට සිටින්නට කූඩාරමක් හෝ වෙනත් සුදුසු ස්ථානයක් තිබුණේ නැහැ.
අන්තරායකාරී බව දැන දැනම ඔවුන් අවසානයේ නතර වුණේ මේ ගොඩනැගිල්ලේ.
අන් කවර හෝ අසරණකම ඔවුන්ව මේ ව්‍යසනය කරා තල්ලු කළා,” යැයි මෙම අනතුරින් සිය සොහොයුරිය අහිමි වූ ෂෙරීෆ් නමැති පුද්ගලයෙකු පවසා තිබෙනවා.
අසල කූඩාරමක සිටි උම් මොහොමඩ් බක්රුන් නැමැති කාන්තාව සඳහන් කළේ, ”එකපාරටම ලොකු ශබ්දයක් එක්ක පොළොව හෙල්ලුණා වගේ දැනුණා. මිනිසුන්ගේ කෑගැසීම් හඬ සෑම තැනින්ම ඇසුණා,” යනුවෙන්.
ගාසාහි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානී ඇලෙසැන්ඩ්‍රෝ ම්රාකිච් සඳහන් කළේ අවශ්‍ය තරම් යන්ත්‍රසූත්‍ර නොමැතිවීම හේතුවෙන් මුදාගැනීමේ කටයුතු ඉතා ඛේදනීය තත්ත්වයක පැවති බවයි.




