හෙට සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කල් දැමූ ඉතිරි විෂයන් සඳහා විභාගය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පාසලක පහත් බිම්වල පිහිටි විභාග ශාලා කිහිපයක් වැසි ජලයෙන් යට වීම තිබෙනවා.

ඒ හේතුවෙන් එම විභාග ශාලා එම පාසලේම වෙනත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යෑමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

හෙට සිට ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඇති සූදානම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ද අදහස් දැක්වූවා.

විභාගය පවත්වන කාල සීමාවේ යළිත් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ඒකව සූදානම් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.