කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 116 ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එම කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් පමණ වනවා.

එම කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙනවිත් ඇත්තේ මානිප්පායි හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ ඇති එම සැකකරුවන් සිය ගමන් මල්ලක කුෂ් මත්ද්‍රව්‍ය සූක්‍ෂම ලෙස අසුරා තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.