සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව අද දිනයේ ද ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත්වල සිට කොළඹ දක්වාත් අදියර දෙකක් යටතේ එම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් පසුගිය 08 වනදා කොළඹ බස් මධ්‍යම බස් නැවතුම්පොළෙන් ආරම්භ වූ විශේෂ බස් රථ සේවාව අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සදහා ලබන 15 වනදා සිට 21 වනදා දක්වා බස් රථ ධාවනයට එක් කරන බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජිව නන්දන කනගරත්න මහතා පැවසුවේ.

සිය ගමනාන්තය දක්වා වූ ප්‍රවේශපත්‍රයක්ද බස් රථය තුළදී ලබාගන්නා ලෙසටද මගීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පෞද්ගලික බස් රථ සහ විශේෂ දුම්රිය ද ධාවනයට එක් කර තිබෙනවා.