ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පිහිටි ‘සික්ස් ෆ්ලෑග්ස් ඕවර් ජෝර්ජියා‘විනෝද උද්‍යානයේ සිදුවූ රෝලර් කෝස්ටර් අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඇට්ලන්ටා නගරයේ සිට සැතපුම් 15 ක් පමණ දුරින් පිහිටි මෙම විනෝද උද්‍යානයේ සිදුවූ අදාළ මරණය සම්බන්ධයෙන් එරට පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවූයේ කුමන ක්‍රීඩා උපකරණයේදැයි පොලිසිය නිශ්චිතව සඳහන් කර නැහැ.

කෙසේවෙතත් හෙලිකොප්ටර් මගින් ලබාගත් ගුවන් දර්ශනවල දැක්වෙන්නේ ‘ගොලියාත්‘ නමැති රෝලර් කෝස්ටර් රථය අතරමග නැවතී ඇති අතර, එහි සිටි පිරිස මුදා ගැනීමට සේවකයින් කටයුතු කරන ආකාරයයි.