සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිෂ්ක නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සමීපතමයෙකු වන “කළුබෝවිල චූටි” නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල, මකුළුදුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 02යි ග්රැම් 106ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. මේ අතර, හිරණ , ඒජන්ත වංගුව ප්‍රදේශයේදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හිරණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලීසිය පැවසුවේ. .අදාළ මත්ද්‍රව්‍ය තොගය කුමන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් ඒවාදැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
Published