ජනප්‍රියත්වය රැක ගැනීම වෙනුවට විපක්ෂය මර්දනය කරමින් ආණ්ඩුව ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.
"මේ රටේ යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට නම් ඊට අවශ්‍ය මූලික පදනම සකස් අගති යුතු වෙනවා. ඒ සඳහා උවමනා නීතිමය සහ ආර්ථිකමය ප්‍රතිසංස්කරණ උවමනයි. ආණ්ඩුව ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. යහපත් ආර්ථික වර්ධන වේගයක්, අලුත් රැකියාවුත්පාදනයක්, ජීවන වියදම දරාගත හැකි තැනක රඳවා ගන්න පුළුවන් නම්, ආර්ථිකයේ ඉතාම යහපත් ප්‍රතිසංස්කරණ සහිතව මහජනයාට අලුත් ජීවන තත්ත්වයක් ලැබෙනවා නම්, ආණ්ඩුවට පුළුවන් ජනප්‍රියව ඊළඟ ඡන්දය දිහා බලන්න. ඒ වගේම ආණ්ඩුවකට පුළුවන් විපක්ෂ ක්‍රියාකාරීත්වය සීමා කිරීමෙන් තමන්ගේ දේශපාලන බලය වැඩි කර ගැනීම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, තමන්ට අකමැති කියන්නේ තමන් අකමැති සහ තමන්ට අකමැති මහජන මතය මර්දනය කර ගෙනිනුත් ඉස්සරහට යන්න. මම කියන්නේ සිම්බාබ්වේ රොබට් මුගාබේගේ තියරිය. අනුර දිසානායක ආණ්ඩුව අනුගමනය කරන්නේ අපිට පේන විදිහට රොබට් මුගාබේගේ සිම්බාබ්වේ මොඩලය."