2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වන දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධාන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා.

මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ඊයේ දිනයේදීද විශාල පිරිසක් එක් වුණා. ඊට එක්වූ පාඨක ජනතාව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි. මේ අතර ප්‍රදර්ශන භූමියේ පිහිටා ඇති නෙත් විශේෂ කුටියෙන්, ‘සතුට’ කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය වන ‘යටසාය’ කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.