දෙමටගොඩ බේස් ලයින් පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබූ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ, බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී මිලිමීටර් නමයේ උණ්ඩ යොදන දේශීය නිෂ්පාදනය කළ ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසින් එකක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

බොරැල්ල වනාත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන දුමින්ද සහ චතු පාර්ශ්ව අතර තවත් ගැටුමකට එම ගිනි අවි සඟවා තබා ඇති බවටයි පොලිසිය විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.