Published
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහල් ගත කර තිබෙනවා.
පාදයේ ඇති වූ තුවාලයක් වර්ධනයවීම හේතුවෙන් ඔහු එලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ.
සුගීෂ්වර බණ්ඩාර මහතා පසුගිය ජුනි 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
ඒ, රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය 12 වනදා ද ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කළා.
ඔහුගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ අධිකරණය නියෝග කළේ සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.




