වප් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ නෙත් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පැවැත්වෙනවා.

ඒ යටතේ අද රාත්‍රියේද පිංකම් කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එම වැඩසටහන් “නේත්‍රාලෝක” යූ ටියුබ් චැනලය ඔස්සේද සජීවීව ඔබට නැරඹිය හැකියි.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

 

මේ අතර මෙම පිංකම් මාලාවට සහභාගී වීම සඳහා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට පැමිණ සිටි කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.