පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දස දෙනා අද යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, එම පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදි අධිකරණය නියෝග කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු එම පිරිස ලබන 9 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ, ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළවයි.