මෙරට තුළ නිපදවන ප්ලාස්ටික් සහ පොලිතින් ප්‍රමාණය ගණනය කිරීමක් දැනට සිදු නොවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වුවා.

මේ අතර ශුද්‍ර ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.