Published
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පළමු තරග ඊයේ රාත්‍රීයේ අතහැර දැමුණා.
පාකිස්තාන කණ්ඩයම සහ නවසීලන්ත කණ්ඩයම අතර මෙම තරගය පැවැත්විමට තියමිතව තිබුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රිඩංගණයට දි ඊයේ පස්වරුවේ සිට ඇදහැලුණු වාර්ෂාවත් සමඟ මෙම තරඟය අතහැර දැමිමටයි තරඟ තිරක මණ්ඩලය තිරණය කළේ.
ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට තරඟ තිරක මණ්ඩලය තීරණය කළා.
මේ අතර 2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන තරඟය ලෙසයි අද පස්වරු 3.00 ට එංගලන්ත කණ්ඩායම සමග මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ.




