2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හෙට පැමිණෙන දරුවන්ට විශේෂ තිළිණයක් ලබා දීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.
මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ එම සංගමයේ අධ්යක්ෂ බුවනෙක වන්නියච්චි මහතා.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී සිව්වන දිනටත් අති සාර්ථක ලෙස මේ වන විට පැවැත්වෙනවා.
අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ශ්‍රාවක ඔබටත් හැකියාව පවතිනවා.
එලෙස පොත් පරිත්‍යාග කළ නෙත් ශ්රාවකයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.
26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.




