තවදුරටත් ආහාර වර්ජනයක නිරතව සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බට මගින් හෝ ආහාර ලබාදීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව ඇතැයි සුරේෂ් සලේ මහතාගේ ඥාතීන්
මේ අතර සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
සුරේෂ් සලේ මහතාගේගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය වෙත ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මේ බව දැනුවත් කර ඇති බවයි ඇතැම් මාධ්‍ය අද වාර්තාකර තිබෙන්නේ.
සුරේෂ් සලේ මහතාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන මහතා හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුනා.
ඊට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මේ බව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ සුරේෂ් සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි.
එමෙන්ම නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මනෝරි සලේ මහත්මියට අදාළ ලිපිය මගින් දන්වා තිබෙනවා.
එහෙත් පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදාළ ලිපිය මගින් මනෝරි සලේ මහත්මිය වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.




