Published
2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් ආරම්භ වුණා.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබා දී තිබුණා.
ඒ අනුව අදින් ආරම්භ වූ දෙවන පාසල් වාරය ජුලි 24 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
එමෙන්ම මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ වුණා.
මේ අතර 2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබුණු සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.




