Published
නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම වෙනුවෙන් නව නිතී සහ කොන්දේසි කිහිපයක් එක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇතැයි වාර්තා පළ වනවා.
පසුගිය මාර්තු මස 31 වනදායින් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අවසන් වූ අතර ඒ අනුව ක්‍රීඩකයින් සඳහා සකස් කළ නව ජාතික කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩකයින් වෙත භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම නව කොන්ත්‍රාත් ගිවිසුමට අනුව මෙරට ප්‍රතිරූපය මෙන්ම ක්‍රීඩක ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සහ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගෙන යෑමේ අරමුණු කරගනිමින් ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයේ ද ඇඳුම් පැළඳුම්, වචන භාවිතය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නව සීමාවන් සහ වාරණ පැනවීමට පියවර ගෙන තිබෙන ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.



