Published
ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා නගරයෙන් පිටත සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයන් 38 දෙනෙකු තුවාල ලබා ඇති අතර යුහුසුළුව ඔවුන් එම ප්‍රදේශය ආසන්න රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එකම මංතීරුවක ධාවනය වූ දුම්රිය දෙකක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරෙන් දුම්රිය දෙකෙහි සිරවි සිටි මගීන් බේරා ගැනීමට සහන කණ්ඩායම් කඩිනමින් මැදිහත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජකර්තා සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් එම දුම්රිය අනතුර සිදුවූ ස්ථානයට ඉන්දුනීසියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක සුෆ්මි දස්කෝ අහමඩ්ට ගොස් තිබෙනවා.
එහි සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා පවසා ඇත්තේ අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.




