Published
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එනසාල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොල පැමිණීමේදී පර්යන්තයේදී ගුවන්තොටුපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
ඒ අනුව එනසාල් කිලෝග්රෑම් 93ක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු නාවලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.




