ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බි්රතාන්යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින වෙනුවෙන් ධවල මන්දිරයේදී අති උත්කර්ෂවත් රාජ්‍ය භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබෙනවා.
වසර 20කට පමණ පසු ධවල මන්දිරයේදී පැවැත්වුණු පළමු ”වයිට් ටයි” නිල ඇඳුම් විලාසිතාවෙන් සැරසුණු උත්සවය මෙය වීම විශේෂත්වයක්.
දිනය පුරා පැවැති කාර්යබහුල වැඩසටහන්වලින් අනතුරුව, බි්රතාන්ය රාජකීය යුවළ ධවල මන්දිරය වෙත පැමිණියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුවයි.
හමුදා උත්තමාචාර මධ්‍යයේ ධවල මන්දිරය වෙත පැමිණි රාජකීය යුවළ, ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.
එහිදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, අද දිනයේදී චාල්ස් රජු කොංග්රස් මණ්ඩලය හමුවේ කළ කතාව පිළිබඳව තමා පැහැදීමට පත්වන බවයි.
”එතුමා අද ඉතා විශිෂ්ට කතාවක් කළා. මට ඒ ගැන ඇත්තටම ආඩම්බරයක් වගේම පොඩි ඊර්ෂ්‍යාවකුත් හිතෙනවා,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී සිනහමුසු මුහුණින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම රාජ්‍ය භෝජන සංග්‍රහය සඳහා විශේෂ ආරාධිත අමුත්තන් 120 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, එය ධවල මන්දිරයේ නැගෙනහිර ශාලාවේදී පැවැත්වෙන බවද එම වාර්තාවල දැක්වෙනවා.
අවසන් වරට මෙවැනි ඉහළ පෙළේ ”වයිට් ටයි” රාජ්‍ය උත්සවයක් ධවල මන්දිරයේ පවත්වා ඇත්තේ මීට වසර 19කට පෙර එනම් 2007 වසරේදීය.
ඒ, එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ආරාධනයෙන් දෙවන එළිසබෙත් මහ රැජින ඇමරිකාවේ සංචාරය කළ අවස්ථාවේදීයි.
රාජ්‍ය නායකයන් දෙපළ අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම චාල්ස් රජුගේ අමෙරිකානු සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
මෙම උත්සවයේ සැලසුම් කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජු දායකත්වයක් ලබා දී ඇති අතර, ආරාධිත අමුත්තන්ගේ ලැයිස්තුව සහ ආහාර වර්ග තෝරා ගැනීම ඔහු විසින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාව සතු වන මෙම වගකීම් සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී ඇත්තේ, මෙලානියා ට්‍රම්ප් මල් සැරසිලි සහ පිඟන් භාණ්ඩ තේරීම කෙරෙහි අවධානය යොමු නිරීම හේතුවෙන් බවද එම වාර්තාවල සදහන්.
ධවල මන්දිර උද්‍යානයේ එළවළු වලින් සකසන ලද ආහාර ධවල මන්දිරයේ මෑතකදී පිහිටුවන ලද මී වදවලින් ලබාගත් මී පැණි වලින් නිපදවූ රස කැවිලිද මෙම විශේෂ භෝජන සංග්‍රහයට එක් කර තිබීම විශේෂත්වයක්.




