වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.
පොලිස් නිලධාරින්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙනවා යැයි පවසමින් බලයට පත්වූ වර්තමාන ආණ්ඩුව පොලිස් නිලධාරින්ගේ ස්වාධීනභාවයට බලපෑම් එල්ල කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසනවා.
පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරින්ට බලපෑම් නොකරන බවත් ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ටී.බී. සරත් මහතා සඳහන් කළා.




