Published
ඔස්ටේ්රලියාවේ බොන්ඩි වෙරලේ සිදුවූ ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගිනිඅවි කිහිපයක්, පතරොම් තොගයක් සහ බෝම්බ නිපදවීමට යොදාගන්නා ද්‍රව්‍ය එරට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී එම උපකරණ සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අදාළ සැකකරු සතුව තිබී ප්‍රහාර එල්ල කිරීම සදහා සැලසුම් කළ ස්ථාන ලැයිස්තුවක් ද සොයාගෙන ඇති බවයි එරට පොලීසිය පවසන්නේ.
පසුගිය 14වනදා ඔස්ටේ්රලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.




