ඉරානයට අයත් නෞකා 16කට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල එල්ල කර තිබෙනවා.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධරී කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන බිම් බෝම්බ නෞකා 16ක් ”ඉවත් කර” ඇති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයට බාධා එල්ල කලහොත් එම කලාපයේ ඉරාන නෞකාවලට පහරදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණා.
ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික බිම්බෝම්බ යෙදවීමට සූදානම් වන බවටද චෝදනා එල්ල වුණා.
මේ අතර එම නෞකාවලට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඊශ්‍රායලය ඉරානයට සහ ලෙබනනයට නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ බෙයිරූට් හි දකුණු ප්‍රදේශයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල බවයි.




