කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද ජාතික ඵලදායිතා මහ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025 /2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී පාදුක්ක දුම්රිය ස්ථානය කුසලතා සම්මානයක් දිනාගෙන තිබෙනවා.

ඒ, රාජ්‍ය අංශයෙන්.

කුසලතා එම සම්මාන උළෙලේදී ඵලදායීතාව සම්මානයක් දිනා ගත් ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස පාදුක්ක දුම්රිය ස්ථානය තේරී පත්ව තිබීම විශේෂත්වයක්.

මෙම දුම්රිය ස්ථානය මීට පෙර ද විවිධ අවස්ථාවන්වල රාජ්‍ය සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා.