Published
පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ඊ සිගරට් ජාවාරමක නිරත වූ සැකකරුවෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදීයි.
සැකකරු විසින් විවිධ මිල ගණන් යටතේ ඊ සිගරට් පාසල් ළමුන් වෙත අලෙවි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොණරාගල ප්රදේශයේම පදිංචි සැකකරු මොණරාගල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




