මතුව ඇති තත්වයන් හමුවේ ජනතාව තුල දෙගඩියාවක් ඇති කිරීමට විපක්ෂයේ කණ්ඩායම් උත්සහ දරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.

පොදුජන පෙරමුණ ආණ්ඩුවට තර්ජනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින්නේ එවැනි අරමුණකින් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පසුගිය ආණ්ඩු සමයන්හිදී ඇතැම් දේශපාලනඥයන් සිදුකළ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එවන් පසුබිමක් තුළ විපක්‍ෂයේ ඇතමුන් බියට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ.