14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද ආරම්භ වුණා.
ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්රමුඛ පක්ෂ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදීයි.
දින 08ක් පුරා චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික හා ඒ ඒ ක්ෂේත්රයන් නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2700කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති.
එහිදී චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. ‘15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත’ පරීක්ෂා කිරීම, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජෛව පරිසර කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන සැලසුම් කෙටුම්පත’ අධීක්ෂණය කරමින් සාකච්ඡා කිරීම, මහජන ශ්‍රේඨාධිකරණය හා උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තා අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් කෙටුම්පත පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් එහිදී සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ.
2025 වසරේදී ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යයන් සාර්ථකව අවසන් වූ බව Li Qiang මහතා එහිදී පැවසීය.
පසුගිය වසර මුළුල්ලෙහිම චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇත. එම වසරේ දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වී ඇති අතර එහි සමස්ත වටිනාකම ද යුවාන් ට්‍රිලියන 140.19 දක්වා ළඟා වී ඇති බව අග්රාමත්යාවරයා එහිදී කියා සිටියේය.වාර්තාවට අනුව, 15 වැනි පස් අවුරුදු සැලසුම් කෙටුම්පත මගින් ප්‍රධාන ඉලක්ක 20 ක් ඉදිරිපත් කර තිබේ. නවොත්පාදන සංවර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් නවොත්පාදන, ආයෝජන හා එහි ප්‍රතිඵල යන අංශ තුන වෙත අවධානය යොමු කෙරේ.
2026 වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 4.5ත් 5ත් අතර මට්ටමක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පාරිභෝගික මිළ දර්ශකය සියයට 2ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700කට වැඩි ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.
එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.




