ඉදිරියේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ට සිය සේවා කටයුකු සදහා යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

 

ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැති පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.