කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ වයස අවුරුදු 28 ක් වන තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ අලුයම 2.45 ට පමණයි. එහිදී අදාළ තරුණයාගේ කනකට හා උරහිසට තුවාල සිදුව තිබෙනවා.

සිය නිවසේ සිට ඈතින් වූ  ප්‍රදේශයකදි එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ අධීක්‍ෂකවරයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.