පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලට අනුව ඉදිරියේදී තවත් දේශපාලකයින්ගේ නම් රැසක් අනාවරණය වීමට ඉඩකඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

පාතාල කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූවා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විටත් අහෝසි කර තිබෙන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. එවැනි පසුබිමක් තුළ වර්තමාන රජය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් විවිධ මත පළ කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට විපක්ෂය ගෙන ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.