මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙනආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 590 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 910ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.