හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන සිය නැව් සදහා පවතින බාධා ලිහිල් කර ගැනීමට ඉන්දියාව, ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසා ඇත්තේ ඒ සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

දිල්ලි සහ ටෙහෙරාන් අතර මූලික සාකච්ඡාවල ප්‍රගතියෙන් පසු ඉකුත් සෙනසුරාදා ඉන්දියානු ධජය සහිත ගෑස් ටැංකි නෞකා දෙකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙනවා.

ඉන්දියානු ධජය සහිත යාත්‍රා විසි දෙකක් තවමත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසරය ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පුළුල් ප්‍රහාර දියත් කිරීමෙන් පසුව ආරම්භ වූ මැද පෙරදිග යුද්ධය හමුවේ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කිරීමට කර තිබුණා.

හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ඉරානය සහ ඕමානය අතර පර්සියානු බොක්ක අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන පටු මුහුදු මාර්ගයක්.

ලෝකයේ තෙල් හා ගෑස් වලින් පහෙන් එකක් පමණ මෙම මාර්ගය හරහා ගමන් කිරීම විශේෂත්වයක්.

ඉන්දියාවට මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා වැදගත් වන්නේ ඔවුන්ගේ බොරතෙල් ආනයනයෙන් දළ වශයෙන් 40-50% ක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින්.