ජපානය අලුත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ, පසුගිය වසරේ ජපානයේ උපත් වලට වඩා මිලියනයකට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. එය 1968 දී රජයේ සමීක්ෂණ ආරම්භ වූ දා සිට වාර්ෂික ජනගහන පහත වැටීමේ දරුණුම අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ. නවතම දත්තවලට අනුව 2024 දී ජපන් ජාතිකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂ අටදහස් පන්සිය 74කින් පහත වැටී තිබෙනවා. එහෙත් එම වර්ෂයේදී උපත ලබා ඇත්තේ හය ලක්ෂ 86,061ක් පමණයි. පවතින තත්ත්වය සළකා ජපාන අග්‍රාමාත්‍යවරයා නව පවුල් හිතකාමී ප්‍රතිපත්ති හඳුන්වාදීමටද පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අතරට නොමිලේ ළමා රැකවරණය සහ වඩාත් නම්‍යශීලී වැඩ කරන වේලාවන්ද ඇතුළත්. ලෝක බැංකු වාර්තාවට අනුව ජපානයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටි පුද්ගලයින් දැන් එරට ජනගහනයෙන් සියයට 30ක් වී තිබෙනවා. එය ලෝකයේ දෙවන ඉහළම වැඩිහිටි අනුපාතයයි.