විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අධිකාරීගේ සමන්ත පෙරේරා නොහොත් යකා සමන්ත හෙවත් චුවා සමන්ත යන අය මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුත්තේ සුඛෝපභෝගී තෙමහල් නිවස සහිත පර්චස් 12 කින් යුත් ඉඩමට දින 14 කට කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
එලෙස ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ලෙන ඇත්තේ කැස්බෑව මඩපාත ජඹුරලිය සායනය පාර පිහිටි සුඛෝ භෝගී තෙමහල් නිවසකටයි.
ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන දෙහිවල කළුබෝවිල වනරතන පාර ලිපිනයේ පදිංචි අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් යකා සමන්ත නැමැත්තා සහ සමීපතමයින් විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් තුළින් උපයා ගෙන ඇති දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස 2024 වසරේ අග භාගයේදී පොලිස්පතිවරයාට ලද නිර්නාමික ලිපියකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර වසර දෙකකට ආසන්න කාලයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ඒකක 07 මගින් දීර්ඝ විමර්ශනයක් සිදු කළා.
එහිදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොස් මල්ලි නැමැත්තාගේ පාර්ශවයේ සමීපතමයකු වන අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් වූවා සමන්ත නොහොත් යකා සමන්ත නැමැත්තා විසින් මඩ පාත ජඹුරුලිය සායනය පාර ප්‍රදේශයේ පර්චස් 12 ක භූමියක පිහිටි තෙමහල් නිවසක් ඔහුගේ බිරිඳගේ වැඩිමල් සහෝදරයාගේ නමට මිලදීගෙන ඇති බවයි.
ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරියේ ජනක පියදර්ශන විතානගේ මහතා ප්රමුඛ නිලධාරීන් පිරිසක් එම නිවස වෙත ගොස් අධිකාරිගේ සමන්ත පෙරේරා නැමැත්තාගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයාට තහනම් නියෝගය භාරදීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව තහනම් නියෝගය දැක්වෙන දැන්වීමක්ද නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමටද කටයුතුු කෙරුණා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනවා.




