රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය වූ අලුත්ම තොරතුරු සමග විමර්ශන තවදුරටත් පුළුල් කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බවයි.

සී.සී.ටී.වී දර්ශනවලින් අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා.