ගෝලීය පරිවර්තනයන් සිදුවන මෙම යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන්වෙන “එක්ස්ටෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වනවිට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවද ජනධිපතිවරයා එහිදී පැවසුවා.

සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදාගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් සහතිකවන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.