සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයක්.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරින් විසින් ඥානසාර හිමියන් එලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.