ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නෞකාවක් අමෙරිකාව විසින් ගිල්වා දැමූ බව අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
කෙසේ වෙතත් ඔහු විසින් ප්‍රහාරයට ලක් වූ ඉරාන නෞකාව කුමක් දැයි ප්‍රකාශයට පත් කර නැහැ.
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම ඉරාන නෞකාව මුහුදු බත්කළ බවයි අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණේ.
ඔහු පවසා තිබුණේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරට බවයි.
ඔහු සිය අදහස් දැක්වීමේදී අවධාරණය කර තිබුණේ ”අපි සටන් කරන්නේ දිනන්න” යනුවෙන්.
අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ මෙම ප්‍රකාශය වාර්තා වුණේ ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව අනතුරට පත්ව ඇති බවට වාර්තා පල වී ඇති පසුබිමකයි.
මෙම ඉරාන නාවික හමුදාවට අයත් ,ෂඍෂී ෘැබ්, නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණ ද ශ්‍රී ලංකා නාවික හමුදාව එම වාර්තා ප්‍රතික්ෂේප කලා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අමෙරිකාව විසින් මෙම නෞකාවට ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන විඩියෝවක්ද නිකුත් කර තිබුණා.




