ඓතිහාසික වටිනාකමක් ඇති නගර එම නගරවල අනන්‍යතාව ආරක්‍ෂා වන අයුරින් සංවර්ධනය කරන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.

එලෙස කටයුතු කිරීම පෞඪත්වයට සහ ප්‍රඥාවට සිදු කරන ගෞරවයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

යාපහුව රජමහා විහාරස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා මෙම අදහස් පළ කළා.