ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
විශ්ව විද්‍යාල රාජකාරී කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් ඔහු අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය කපිල පෙරේරා මහතා මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු තිබෙනවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රධානත්වයෙන් අද ආරම්භ වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියරේ ඉදිකිරිම් සිදුවන අවස්ථාවට ද ඔහු සහභාගිවීමට නියමිත බවයි වාර්තා වුණේ.
එහි පැවැත්වෙන උත්සවයෙන් අනතුරු මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීම පිළිබද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මේ අතර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පසුගියදා ඔහුට එරෙහිව තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබුණා.




