2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදුන්නා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.

සංශෝධිත අධි චෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.

එම විත්තිකරුට අදාළ චෝදනා භාරදීම සඳහා මෙම නඩුවක් යලි ඔක්තෝම්බර් මස 29 වන දා කැඳවන ලෙසත් විසුරුවරයා නියම කළා.