පසුගිය සතියේ සිදු වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටා ඇති න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරකට එලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. චන්ද්‍රිකා මගින් ලබාගත් ඡායාරූප මගින් එය අනාවරණ කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා නැහැ. පසුගිය සතියේ රුසියානු කලාපයේ හටගත් භූමිකම්පාව ඉතිහාසයේ හටගත් ප්‍රබලතම භූමිකම්පාවක් ලෙසයි සැලකෙන්නේ. එය රික්ටර් මාපාංක 8යි දශම 8ක ප්‍රබලත්වයක් ගෙන තිබුණා.