නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට හේතුව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හටගත් එම ගින්නෙන් තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුළ සේවකයන් හය දෙනෙකු රැදි සිටි තිබෙනවා.

කෙසේවෙතත් ගින්නෙන් ඔවුන්ට කිසිදු හානියක් නොමැති බවයි පොලීසිය පැවසුවේ.

වහා ක්‍රියාත්මක වූ රාගල පොලිසිය, වතු හිමියන් සහ නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද,ඒ වන විටත් පැතිර ගිය ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.