ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

අද පෙරවරුවේ සිටම පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා.

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.

එමෙන්ම දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා.

ඒ අනුව අද දිනයේද බොහෝ පිරිසක් නෙත් එෆ් එම් කුටියට පැමිණෙමින් සිටිනවා.

ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද එකට ගැටුම කෘතිය පිළිබඳ විද්වත් විවරණයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පරිශ්‍රයේ අද පස්වරු 4ට සිදු කෙරෙනවා.

හිටපු අමාත්‍යවරයා මෙම කෘතිය රචනා කර ඇත්තේ ශ්‍රී ලාංකේය දේශපාලන උදාහරණද සහිතව ලෝක බලවතුන් විසින් ලෝකය තමන්ට වූවමනා පරිදි හසුරුවා ගැනීම සඳහා උපක්‍රම යොදාගන්නා ආකාරය පිළිබඳ විස්තර කරමින්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී අද ඒ පිළිබඳ විවරණය සිදුකිරීමට නියමිතව සිටින්නේ කීර්තිමත් රාජතන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය පාලිත කොහොන මහතායි.