ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25) පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවය.

ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු එම ආබාධයට මුහුණ දී ඇත.