ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් දහසයක් අත්සන් කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර්ගේ කාර්යාලය නිවේදනය කරයි,.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊශ්‍රායල රාජ්‍ය සංචාරයට සමගාමීව දෙපාර්ශවය මෙම ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.
මෙම රාමුව තුළ, ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් “කෘෂිකාර්මික නවෝත්පාදන හා තාක්ෂණයන්, සිවිල් ඩ්‍රෝන යානා භාවිතය, චන්ද්‍රිකා දත්ත, වාරිමාර්ග සහ පොහොර කළමනාකරණය, පළිබෝධ පාලනය, හරිතාගාර වගාව සහ උසස් කෘෂිකාර්මික තාක්ෂණයන්හි දැනුම හුවමාරු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතා ගිවිසුම් සඳහා අත්සන් තබා තිබේ.
ඉන්දියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ද අමාත්‍යවරුන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
මෙම මුලපිරීම යටතේ “උපදේශකයින්, විශේෂඥ හුවමාරු සහ අධ්‍යයන සහයෝගීතා සඳහා පුහුණු වැඩසටහන් ද සිදුවනු ඇත.”



