ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුමට ලක්ව තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ ගෝලීය සෞඛ්‍ය වැඩසටහනෙන් ලැබුණු ආරාධනයක් මත මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි සිදුකරන සංචාරයේදීයි.
එහිදී ඒ මහතා ලොව පුරා නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබද ශ්‍රී ලාංකික පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කර තිබෙනවා.
මීට වසර 15 පමණ පෙර මෙම රෝගය ශ්‍රී ලංකාව සහ මධ්‍යම ඇරිකානු රටවල් කිහිපයකට සීමා වුව ද අද වනවිට රටවල් 25 කින් පමණ රෝගීන් වාර්තා වී ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ.
පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාවට ගනු ලැබූ පියවර නිසා මේ වන විට රෝගය සැලකිය යුතු ලෙස පහළ යාමක් දක්නට ලැබෙන අතර විවිධ බාධක මධ්‍යයේ ගනු ලැබූ එම පියවර පිළිබඳ එහිදී ඇමෙරිකානු විද්වතුන්ගේ ඇගයීමක් හිමිවීම විශේෂත්වයක්.
ලොව අනෙකුත් රටවල කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ආදර්ශයක් ලෙස යොදාගත හැකි බවද එහිදී ප්‍රකාශ වී තිබෙනවා.








